ඕස්ට්‍රේලියානු සිහිනය සැබෑකරගන්න “Aus Lanka TV Education Migration Expo 2024” මැයි 04 වනදා

ඕස්ට්‍රේලියාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන තාරුණ්‍යයට එම සිහිනය සැබෑ කරමින් අවශ්‍ය තොරතුරු ලබාදීම අරමුණු කර ගත් විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධානය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට පැමිණීම සඳහා නිවැරදි මාවතක් සොයමින් සිටින සියලුදෙනා දැනුවත් කිරීමේ අරමුණින් “Aus Lanka TV Education Migration Expo 2024” නමින් මෙම වැඩසටහන සංවිධාන කර ඇති බව සඳහන්.

එළෙඹෙන මැයි මස 04 වන සෙනසුරාදා කොළඹ 5, හැව්ලොක් සිටිහි දී මෙම දැනුවත් කිරීමේ වැඩසටහන පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන සංක්‍රමණික ආයතන, එහි නියෝජිතවරුන් සහ නීතිඥවරුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඊට අමතරව ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාලවලට සම්බන්ධව කටයුතු කරනු ලබන නියෝජිතවරුන් සහ නීතිඥවරුන් රැසක් “Aus Lanka TV Education Migration Expo” වැඩසටහන සඳහා එක්වනවා.

Student Visa, Sponsor Visa, Skill Visa සහ අනෙකුත් වීසා කාණ්ඩ ලබාගන්නා ආකාරය පිළිබඳ පූර්ණ දැනුවත් කිරීමක් සහ ඒ සඳහා මාර්ගය සලසාදීමට මෙහිදී කටයුතු සූදානම් කර තිබෙනවා.

මෙම වැඩසටහනට පැමිණෙන ආයතන විසින් ඕස්ට්‍රේලියාවට පැමිණිය හැකි සියලුම නිවැරදි ක්‍රම සහ දැනුවත් කිරීම් ද ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට සූදානම්.

නිවැරදි විශ්ව විද්‍යාලයක් තෝරා ගැනීම, පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව ඇති නිවැරදි පාඨමාලාවක් තෝරා ගැනීම, ශිෂ්‍යත්ව සඳහා අවශ්‍ය සුදුසුකම් පෙන්වා දීම සහ එම ශිෂ්‍යත්ව වෙත යොමු කිරීම, විශ්ව විද්‍යාල තෝරා ගැනීම සහ ඊට එක්වීම සඳහා අවශ්‍ය ක්‍රමවේද පැහැදිළි කරදීම, මූල්‍ය අවශ්‍යතාවන් සඳහා අවශ්‍ය නිවැරදි උපදෙස් ලබාදීම, Work Visa සඳහා අවශ්‍ය අනුග්‍රාහකයින් සම්බන්ධ කර ගැනීමේ නිවැරදි මාර්ගය පිළිබඳ දැනුවත් කිරීම ද මෙහිදී සිදුකිරීමට නියමිතයි.

මෙම සියලු සේවාවන් නොමිලේ සපයන අතර, Aus Lanka TV මාධ්‍ය ආයතනය වසර ගණනාවක සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලු ශ්‍රී ලාංකිකයන් දැනුවත් කළ ආයතනයක්.

ඕස්ට්‍රේලියාවට පැමිණීමේ දී විශාල පිරිසක් වංචනික ක්‍රියාවලට හසුවන අතර, ඔවුන්ට නිවැරදි මාර්ගයකින් ඕස්ට්‍රේලියාවට පැමිණීම සඳහා දැනුම ලබාදීම අරමුණු කරගනිමිනුයි Aus Lanka TV මාධ්‍ය ජාලය මෙම “Aus Lanka TV Education Migration Expo” වැඩසටහන සැලසුම් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25