ෆොක්ස් හිල් ඛේදවාචකයෙන් පසුව පැවති DJ සංගීත රාත්‍රිය ගැන යුද හමුදාවෙන් නිවේදනයක්

දියතලාව ෆොක්ස් හිල් තරගාවලියේ සිදු වූ අනතුරෙන් පසු ‘fox hill journey’ නමින් ඩී.ජේ සංගීත රාත්‍රියක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව විශේෂ නිවේදනයක් නිකුත් කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය නිකුත්කර ඇති අතර, එහි දැක්වෙන්නේ අදාළ ඩී.ජේ සංගීත රාත්‍රිය යුද්ධ හමුදාවේ අනුග්‍රාහයෙන් සහ සංවිධානයෙන් පැවත්වූවක් නොවන බවයි.

ඛේදවාචකයකින් අවසන් වූ දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් තරගාවලියෙන් පසු පෙරේදා (21) රාත්‍රියේ ඩී.ජේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇත්තේ බණ්ඩාරවෙල ජාතික නිවාඩු නිකේතන පරිශ්‍රයේයි.

මෙම ප්‍රසංගය සඳහා 400කට වැඩි පිරිසක් සහභාගීව සිට ඇති අතර, ෆොක්ස් හිල් තරගාවලියට සහභාගී වූ තරගකරුවන් සහ ඔවුන්ගේ කණ්ඩායම් මෙන්ම තරගාවලිය නැරඹීමට පැමිණ සිටි පිරිස් ද මේ සඳහා එක්ව සිටි බවයි වාර්තා වුණේ.

පෙරේදා (21) රාත්‍රී 9.00ට පමණ ආරම්භ වූ මෙම ඩී.ජේ සංගීත ප්‍රසංගය ඊයේ (22) අලුයම කාලය දක්වා අධික ඝෝෂාකාරී ලෙස පැවති බව අවට ප්‍රදේශවාසීන් අපවෙත සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25