වෙසක් සතියට සමගාමීව පිණ්ඩපාත චාරිකා පිංකමක්

වෙසක් සතියට සමගාමීව පොලොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ දුෂ්කර වෙහෙර විහාරස්ථානවල අතිදුෂ්කරව වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා දානය පිළිගැන්වීමේ පිණ්ඩපාත චාරිකා පිංකමක් ඊයේ (04) වෙනිදා දහවල් වැලිකන්ද මහසෙන්පුර මහසෙන් රජමහා විහාරස්ථානයේදී සිදු කළ වන වාර්තාවෙනවා.

දිඹුලාගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහසෙන්පුර මහසෙන් රාජමහා විහාරාධිපති අලුත්වැවේ සේනාලංකාර නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම පිංකම සිදුකළ අතර මේ සඳහා ගම්මානයෙ පෙරපාසල්, පාසල්, තරුණ, බාල, මහළු සෑම සියලු දෙනාම එක්වී සිටීම විශේෂත්වයක් වි තිබෙනවා.

මෙවර මහ කන්නයේ වී වගාවෙන් ලබාගත් අලුත් සහල් වලින් ආහාර සකසා ගොවි ගෙවිලියන් විසින් පිළියෙල කරගත් දානය මහා සංඝරත්නය උදෙසා පූජා කළ අතර ප්‍රදේශයට ආවේනික පලතුරු, කැවිලි වර්ග, මෙන්ම දේශීය පෝෂදායි ආහාර මෙම මහ සඟරුවන වෙත පූජා කිරීමද මෙහිදී විශේෂත්වයකි.

අති දුෂ්කරව ශාසනික, ශාසනික, ජාතික, ආගමික මෙහෙවර සිදුකරන වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වෙහෙර විහාරස්ථාන වල වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා උදෙසා පැවැති පළමු පිණ්ඩපාත පිංකම මේ වන බවද මෙය සංවිධානය කර දිඹුලාගල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී අලුත්වැවේ සේනාලංකාර නාහිමියන් සඳහන් කළ බව අප වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?