වෙල්යායකින් හමු වූ බිළිඳියගේ මව සොයා විමර්ශන

මාවතගම, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක දමාගොස් සිටිය දී බිළිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇයගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සලසන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කරනවා.

ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, බිළිඳියගේ මව සොයා මේ වනවිට විමර්ශන සිදුකරන බවයි අමාත්‍යවරිය පැවසුවේ.

ප්‍රදේශවාසියෙක් සිදුකළ දැනුම්දීමක් මත මාවතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ බිළිඳිය පෙරේදා (17) දිනයේ සොයාගත්තා.

දින දෙකක් පමණ වයසැති මෙම බිළිඳිය මාවතගම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, අනතුරුව ඇයව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන එම බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?