වෙල්යායකින් හමු වූ බිළිඳියගේ මව සොයා විමර්ශන

මාවතගම, පරගහදෙණිය, සිංහපුර ප්‍රදේශයේ වෙල්යායක දමාගොස් සිටිය දී බිළිඳියගේ භාරකාරීත්වය ලබාගැනීමට ඇයගේ මව ඉදිරිපත් වුවහොත් අවශ්‍ය පහසුකම් සලසන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් සඳහන් කරනවා.

ඊයේ (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, බිළිඳියගේ මව සොයා මේ වනවිට විමර්ශන සිදුකරන බවයි අමාත්‍යවරිය පැවසුවේ.

ප්‍රදේශවාසියෙක් සිදුකළ දැනුම්දීමක් මත මාවතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් අදාළ බිළිඳිය පෙරේදා (17) දිනයේ සොයාගත්තා.

දින දෙකක් පමණ වයසැති මෙම බිළිඳිය මාවතගම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කළ අතර, අනතුරුව ඇයව කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරු ළදරු ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන එම බිළිඳිය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

  1. මව විසින් දරුවා අනාරක්ෂිතව දමා යෑම වැරදියි. මවට දරුවාව හදාගැනීමට නොහැකි හේතු තියෙන්න පුළුවන්.
    ළමයි හදාගන්න ඕන තරම් දේශීය සහ විදේශීය දෙමව්පියන් ඉන්න එකේ අම්මලාට බරක් වන දරුවන් භාරදෙන්න ආයතනයක් ස්ථාපිත කල යුතුයි. එතකොට දරුවන්ගේ ජීවිත ඛේරෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14