වී කෑ කෙනර ඝාතනය කළ ගොවියෙකු පොලිසියට භාර වෙයි

හොරොව්පොතාන තිඹිරිඅත්තාවෙල ප්‍රදේශයේ කුඹුරක ගොඩගසා තිබු නෙලාගත් වී අස්වැන්න කෑමට පැමිණි වන අලි රංචුවකට සිය බලපත්‍ර තුවක්කුවෙන් වෙඩි තබා අලියෙකු මරා දැමූ පුද්ගලයකු අද (17) හොරොව්පොතාන පොලිසියට පැමිණ භාරවී තිබෙනවා

ඊයේ(16) රාත්‍රී දෙකට පමණ මෙම වෙඩි තැබීම සිදු කොට තිබෙන්නේ හොරොව්පොතාන වැලිමුවපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැටක පුද්ගලයෙක්.

තමන් වගා කළ කුඹුරුයායේ කොටසක අස්වැන්න ඊයේ(16) දහවල් කපාගත් බවත් ඊට පෙරදින නෙලාගත් අස්වැන්න කුඹුරේ ගොඩ ගසා තිබියදී රාත්‍රී දෙකට පමණ පැමිණි වල් අලි රංචුවක් එය කෑමට පටන් ගත් බවත් ගොවියා පොලිසියට පවසා තිබෙනවා.


එම අවස්ථාවේදී අලි රංචුව එලවා දැමීමට තමන් දැඩි පරිෂමයක් දරූ බවත් එය ව්‍යාර්ථ වූ තැන තමන් අලි රංචුව දෙසට වෙඩි තැබූ බවත් ගොවියා පොලිසියට කල පැමිණිල්ලේ සදහන්.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 25ත් අතර ගැහැණු සතෙකු වන අතර උස අඩි හතක් පමණ වන එම කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද(17) දහවල් සිදු කෙරුණා.

සැකකරු හෙට(18) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10