spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වී කෑ කෙනර ඝාතනය කළ ගොවියෙකු පොලිසියට භාර වෙයි

හොරොව්පොතාන තිඹිරිඅත්තාවෙල ප්‍රදේශයේ කුඹුරක ගොඩගසා තිබු නෙලාගත් වී අස්වැන්න කෑමට පැමිණි වන අලි රංචුවකට සිය බලපත්‍ර තුවක්කුවෙන් වෙඩි තබා අලියෙකු මරා දැමූ පුද්ගලයකු අද (17) හොරොව්පොතාන පොලිසියට පැමිණ භාරවී තිබෙනවා

ඊයේ(16) රාත්‍රී දෙකට පමණ මෙම වෙඩි තැබීම සිදු කොට තිබෙන්නේ හොරොව්පොතාන වැලිමුවපොතාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු හැටක පුද්ගලයෙක්.

තමන් වගා කළ කුඹුරුයායේ කොටසක අස්වැන්න ඊයේ(16) දහවල් කපාගත් බවත් ඊට පෙරදින නෙලාගත් අස්වැන්න කුඹුරේ ගොඩ ගසා තිබියදී රාත්‍රී දෙකට පමණ පැමිණි වල් අලි රංචුවක් එය කෑමට පටන් ගත් බවත් ගොවියා පොලිසියට පවසා තිබෙනවා.


එම අවස්ථාවේදී අලි රංචුව එලවා දැමීමට තමන් දැඩි පරිෂමයක් දරූ බවත් එය ව්‍යාර්ථ වූ තැන තමන් අලි රංචුව දෙසට වෙඩි තැබූ බවත් ගොවියා පොලිසියට කල පැමිණිල්ලේ සදහන්.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත් 25ත් අතර ගැහැණු සතෙකු වන අතර උස අඩි හතක් පමණ වන එම කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අද(17) දහවල් සිදු කෙරුණා.

සැකකරු හෙට(18) කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?