වීසා ගැටලුවට ගුවන්තොටේ දී කුපිත වූ තරුණයා පොලීසියට කැඳවයි

පසුගිය පළමුවැනිදා කටුනායක ගුවන් තොටුපළේ දී වීසා නිකුත් කිරීමේ දී ඇති වූ ගැටලුකාරී තත්ත්වයයට එරෙහිව අදහස් පළ කළ තරුණයා අද (06) දිනයේ ගුවන්තොටුපොළ පොලිසිය වෙත කැඳවා තිබුණා.

නීතිඥවරු පිරිසක් සමඟ ඔහු අද පෙරවරු 10.00ට පමණ පොලිසිය වෙත පැමිණි බවයි වාර්තා වුණේ.

එහිදී අදහස් දැක්වූ අදාළ තරුණයා,

“එදා මැයි පළමුවෙනිදා, මම එදා තායිලන්තයේ සිටයි කටුනායක ගුවන් තොටුපොළට ආවේ. තායිලන්තය බෞද්ධ රටක්. ඒ රටේ ඉදල මේවා දකින විට කනගාටුවක් ඇති වුණා. කටුනායක ගුවන් තොටුපොළ වීසා අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම නිසා රටේ ජනමාධ්‍ය , බුද්ධිමත් ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළා. ඒ කතා කිරීම නිසා මෙම විදේශීය සමාගම පිළිබඳ බොහෝ භෞතික කරුණු අනාවරණය වී තිබෙනවා. අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා රැකීරක්ෂා නොමැතිව ඒ අයගෙන් ප්‍රයෝජන නොගෙන වීසා නිකුත් කිරීම වැනි සංකීර්ණය ක්‍රියාදාමයක් විදේශ සමාගමකට විකුණල , රුපියල් කෝටි ගණනක් විදේශීය රටවල් වෙත ඇදී යාමට සළස්වල තියෙනවා. මට අද කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට එන්න කියල දැනුවත් කරල තියෙනවා. හරිනම් මම නෙමෙයි මෙතැනට එන්න ඕන මේවා මේ විදිහට විකුණන්න මැදිහත් වූ පුද්ගලයන්. මම විශ්වාස කරනවා මේ රටේ තරුණ තරුණියන් මම සමඟ ඉදී කියලා.මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ . ඒ වගේම ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙයවන පුද්ගලයෙකු නෙමෙයි. සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කරන්න කරපු උත්සාහයකුත් නොවෙයි. මමත් ඔබ වගේ මෙතෙක් මේ රටේ බලයට පත් වූ සියලුම දේශපාලන පක්ෂවලට ඡන්දය දීපු දැන් කළකිරීමට පත් වී සිටින පුද්ගලයෙක්. මම පශ්චාත් උපාධියක් සහිත නීතීඥවරයෙක්. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙක්.”

මේ අතර මෙම තරුණයා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ දී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ද අදහස් දක්වා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිඳු අකාරයක මාධ්‍ය මර්ධනයක් නැහැ.."ජනතාව අහනවා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇ‍යි කියලා "
04:34
Video thumbnail
"DMO ඇවිත් මගේ නෝනට මත්ද්‍රව්‍ය දුන්නා"අනේ සර් මගේ දරුවන්ව බේරගන්න,
02:58
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52


?