වීසා ගැටලුවට ගුවන්තොටේ දී කුපිත වූ තරුණයා පොලීසියට කැඳවයි

පසුගිය පළමුවැනිදා කටුනායක ගුවන් තොටුපළේ දී වීසා නිකුත් කිරීමේ දී ඇති වූ ගැටලුකාරී තත්ත්වයයට එරෙහිව අදහස් පළ කළ තරුණයා අද (06) දිනයේ ගුවන්තොටුපොළ පොලිසිය වෙත කැඳවා තිබුණා.

නීතිඥවරු පිරිසක් සමඟ ඔහු අද පෙරවරු 10.00ට පමණ පොලිසිය වෙත පැමිණි බවයි වාර්තා වුණේ.

එහිදී අදහස් දැක්වූ අදාළ තරුණයා,

“එදා මැයි පළමුවෙනිදා, මම එදා තායිලන්තයේ සිටයි කටුනායක ගුවන් තොටුපොළට ආවේ. තායිලන්තය බෞද්ධ රටක්. ඒ රටේ ඉදල මේවා දකින විට කනගාටුවක් ඇති වුණා. කටුනායක ගුවන් තොටුපොළ වීසා අර්බුදය පිළිබඳ අදහස් දැක්වීම නිසා රටේ ජනමාධ්‍ය , බුද්ධිමත් ජනතාව මේ පිළිබඳ අවධානය යොමු කළා. ඒ කතා කිරීම නිසා මෙම විදේශීය සමාගම පිළිබඳ බොහෝ භෞතික කරුණු අනාවරණය වී තිබෙනවා. අපේ රටේ විශාල පිරිසක් ඉන්නවා රැකීරක්ෂා නොමැතිව ඒ අයගෙන් ප්‍රයෝජන නොගෙන වීසා නිකුත් කිරීම වැනි සංකීර්ණය ක්‍රියාදාමයක් විදේශ සමාගමකට විකුණල , රුපියල් කෝටි ගණනක් විදේශීය රටවල් වෙත ඇදී යාමට සළස්වල තියෙනවා. මට අද කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට එන්න කියල දැනුවත් කරල තියෙනවා. හරිනම් මම නෙමෙයි මෙතැනට එන්න ඕන මේවා මේ විදිහට විකුණන්න මැදිහත් වූ පුද්ගලයන්. මම විශ්වාස කරනවා මේ රටේ තරුණ තරුණියන් මම සමඟ ඉදී කියලා.මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැහැ . ඒ වගේම ජාත්‍යන්තර බලවේග විසින් මෙහෙයවන පුද්ගලයෙකු නෙමෙයි. සංචාරක ව්‍යාපාරය අධෛර්යමත් කරන්න කරපු උත්සාහයකුත් නොවෙයි. මමත් ඔබ වගේ මෙතෙක් මේ රටේ බලයට පත් වූ සියලුම දේශපාලන පක්ෂවලට ඡන්දය දීපු දැන් කළකිරීමට පත් වී සිටින පුද්ගලයෙක්. මම පශ්චාත් උපාධියක් සහිත නීතීඥවරයෙක්. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ ව්‍යාපාරිකයෙක්.”

මේ අතර මෙම තරුණයා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවේ දී මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් ද අදහස් දක්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46