AFC Banner
AFC Banner
Empty Ad

වීල්ස් කුසලානය දිනා අදට වසර 26යි

ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක් දිනා ගැනීමේ 26 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා.

1996 වසරේ පැවති “විල්ස්” ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්කරමින් අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේදී ඓතිහාසික විජයග්‍රහණය වාර්තා කළා.

එදා සිට මේ දක්වා පැවති එක්දින ලෝක කුසලාන තරඟාවලි කිහිපයකදී අවසන් මහා තරඟ කිහිපයකට සුදුසුකම් ලැබුවද එක්දින ලෝක කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවී නැහැ.

මේ අතර 1996 ලෝක කුසලාන අවසන් මහා තරඟය පැවති ලාහෝර් ගඩාෆි ක්‍රීඩාංගනයේ නම වසර 50 කට පමණ පසු වෙනස් කිරීමට පාකිස්තාන ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති රමේෂ් රාජා ප්‍රකාශ කර ඇත්තේ නව අනුග්‍රහකයෙකු ඉදිරිපත්වූ පසු ක්‍රීඩාංගනයේ නම වෙනස් කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?