විහාරස්ථානයක බෝ ගසක අත්තක් නිවාස දෙකක් මතට කඩා වැටෙයි ( ඡායාරූප )

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ ගසක අත්තක් විහාරස්ථානයේ ආවාස ගෙට හා යාබදව පිහිටා තිබෙන නිවාස දෙකක් මතට හිටි හැටියේ කඩා වැටීමෙන් බරපතල අලාභ සිදු වී ඇතැයි කැස්බෑව ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.

එක් නිවසක මුලුතැන්ගෙය හැරෙන්නට අනෙකුත් සියලුම කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනව බවත් රාත්‍රී 11ට පමණ මෙම අත්ත කඩා වැටෙන අවස්ථාවේ දී එම නිවසේ කුඩා දරුවන් තිදෙනකු ඇතුළු හත් දෙනෙකු නිදා සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවයි වාර්තාවන්නේ.

මේ වන විට එම නිවසේ පදිංචි කරුවන්ට උන්හිටි තැන් අහිමිව ඥාති නිවසක රැකවරණය ලැබී තිබෙනවා.

බෝ ගසෙහි අත්ත කඩා වැටීමෙන් එම නිවසේ සියලුම බඩුබාහිරාදිය ද විනාශ වී ඇති අතර යාබද නිවසෙහි වහලයට මෙන්ම ආවාස ගෙයි වහලයටද තාප්පයකට ද අලාභ සිදු වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ පදිංචිකාරියක් මෙසේ පැවසුවා,

ඒ වන විට රාත්‍රී 11ට පමණ ඇති, මමයි පොඩි දුවයි ලොකු දුවයි එයාගේ මහත්තයයි දරු තුන්දෙනයි නිදාගෙන හිටියේ, එකපාරටම වහලය පැත්තෙන් විශාල සද්දයක් ආවා මුළු ගේම කඩා වැටුණා ,දෙයියො බැලුව වගේ අපි කාටවත් කිසිම තුවාලයක් වෙලා නෑ ,අපේ මුළු සේසතම විනාශ වෙලා අපි අසරණ වෙලා.

බෝ ගසෙහි අත්ත කඩා වැටීමෙන් නිවාස වලට සිදුවූ අලාභ සහ අනෙකුත් අලාභ සම්බන්ධයෙන් ආපදාකළමනාකරණ ඒකකය වෙත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කර තිබෙනවා .

ඉදිරි දින කිහිපය තුළදී මූලික ගෙවීම් සිදුකර එම පවුල් වෙත සහන සලසන බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10