විහාරස්ථානයක බෝ ගසක අත්තක් නිවාස දෙකක් මතට කඩා වැටෙයි ( ඡායාරූප )

පිළියන්දල දැල්තර ප්‍රදේශයේ විහාරස්ථානයක බෝ ගසක අත්තක් විහාරස්ථානයේ ආවාස ගෙට හා යාබදව පිහිටා තිබෙන නිවාස දෙකක් මතට හිටි හැටියේ කඩා වැටීමෙන් බරපතල අලාභ සිදු වී ඇතැයි කැස්බෑව ප්‍රාදේශීය ලේකම්වරයා පවසනවා.

එක් නිවසක මුලුතැන්ගෙය හැරෙන්නට අනෙකුත් සියලුම කොටස් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනව බවත් රාත්‍රී 11ට පමණ මෙම අත්ත කඩා වැටෙන අවස්ථාවේ දී එම නිවසේ කුඩා දරුවන් තිදෙනකු ඇතුළු හත් දෙනෙකු නිදා සිට ඇති අතර කිසිවෙකුටත් තුවාල සිදු වී නැති බවයි වාර්තාවන්නේ.

මේ වන විට එම නිවසේ පදිංචි කරුවන්ට උන්හිටි තැන් අහිමිව ඥාති නිවසක රැකවරණය ලැබී තිබෙනවා.

බෝ ගසෙහි අත්ත කඩා වැටීමෙන් එම නිවසේ සියලුම බඩුබාහිරාදිය ද විනාශ වී ඇති අතර යාබද නිවසෙහි වහලයට මෙන්ම ආවාස ගෙයි වහලයටද තාප්පයකට ද අලාභ සිදු වී තිබෙන බවයි අප වාර්තාකරු පැවසුවේ.

සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවසේ පදිංචිකාරියක් මෙසේ පැවසුවා,

ඒ වන විට රාත්‍රී 11ට පමණ ඇති, මමයි පොඩි දුවයි ලොකු දුවයි එයාගේ මහත්තයයි දරු තුන්දෙනයි නිදාගෙන හිටියේ, එකපාරටම වහලය පැත්තෙන් විශාල සද්දයක් ආවා මුළු ගේම කඩා වැටුණා ,දෙයියො බැලුව වගේ අපි කාටවත් කිසිම තුවාලයක් වෙලා නෑ ,අපේ මුළු සේසතම විනාශ වෙලා අපි අසරණ වෙලා.

බෝ ගසෙහි අත්ත කඩා වැටීමෙන් නිවාස වලට සිදුවූ අලාභ සහ අනෙකුත් අලාභ සම්බන්ධයෙන් ආපදාකළමනාකරණ ඒකකය වෙත අදාළ ලිපි ලේඛන ඉදිරිපත් කර තිබෙනවා .

ඉදිරි දින කිහිපය තුළදී මූලික ගෙවීම් සිදුකර එම පවුල් වෙත සහන සලසන බව ප්‍රාදේශීය ලේකම්වරයා පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45


?