විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ගැටලු විසඳීමට රජය මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් හෙට (30) දිනයේ දී වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය දැනුම් දෙනවා.
අද (29) දහවල් ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම සමිති සම්මේලනය මේ බව සඳහන් කළා.
ආණ්ඩුව බලයට පත්වී වසරක කාලයක් ගතවී ඇති නමුත් තවමත් රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති අර්බුදවලට විසඳුමක් ලැබී නොමැති බවයි එම සමිති සම්මේලනය මෙහි දී පවසා සිටියේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ හිඟය මේ වනවිට බරපතළ තත්ත්වයක පවතින බවත් ඔවුන් මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
1
+1
1



