විවාහ උත්සවයට පැය කිහිපයකට පෙර මනාලයා විසින් මනාලියව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (15) දින මෙම අපරාධය සිදුව ඇති බවයි.
ගුජරාටයේ භාව්නගර් නගරයේ ඔවුන්ගේ නිවස තුළ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, සාරියක් සහ මුදල් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සජාන් බරයියා සහ වින්දිත සෝනි හිම්මත් යන යුවළ විවාහ ගිවිසගෙන වසර එකහමාරක පමණ සිට එකට ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.
ඔවුන් දෙදෙනාගේ විවාහයේ බොහෝ චාරිත්‍ර වාරිත්‍ර අවසන් වී ඊයේ (15) රාත්‍රියේ විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටිය දී දෙදෙනා අතර මෙම ආරවුල හටගෙන තිබෙනවා.
එම අවස්ථාවේ දී මනාලයා විසින් මනාලියට යකඩ පයිප්පයකින් පහර දී ඇගේ හිස බිත්තියේ හප්පා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අනතුරුව සැකකාර මනාලයා නිවසින් පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
ඝාතනය ලක් වූ මනාලියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකර ඇති අතර, සැකකාර මනාලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.





