විවාහ උත්සවයට පැය කිහිපයකට පෙර මනාලයා මනාලියව ඝාතනය කරලා

විවාහ උත්සවයට පැය කිහිපයකට පෙර මනාලයා විසින් මනාලියව ඝාතනය කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (15) දින මෙම අපරාධය සිදුව ඇති බවයි.

ගුජරාටයේ භාව්නගර් නගරයේ ඔවුන්ගේ නිවස තුළ දී මෙම ඝාතනය සිදුව ඇති අතර, සාරියක් සහ මුදල් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සජාන් බරයියා සහ වින්දිත සෝනි හිම්මත් යන යුවළ විවාහ ගිවිසගෙන වසර එකහමාරක පමණ සිට එකට ජීවත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඔවුන් දෙදෙනාගේ විවාහයේ බොහෝ චාරිත්‍ර වාරිත්‍ර අවසන් වී ඊයේ (15) රාත්‍රියේ විවාහ උත්සවයට සූදානම් වෙමින් සිටිය දී දෙදෙනා අතර මෙම ආරවුල හටගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී මනාලයා විසින් මනාලියට යකඩ පයිප්පයකින් පහර දී ඇගේ හිස බිත්තියේ හප්පා මෙම ඝාතනය සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අනතුරුව සැකකාර මනාලයා නිවසින් පලාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඝාතනය ලක් වූ මනාලියගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණයට යොමුකර ඇති අතර, සැකකාර මනාලයා සොයා විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46