Empty Ad
AFC Banner
Empty Ad

විවාහයෙන් කෙලවර වූ තුන්කොන් ප්‍රේම කතාව (වීඩියෝ)

තමන් ආදරය කළ කාන්තාවන් දෙදෙනා එකවර විවාහ කරගත් පුද්ගලයෙකු පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ගුම්නූර් ප්‍රදේශයේ පදිංචි සූර්යදේව් නැමැති පුද්ගලයෙක් මෙලෙස කාන්තාවන් දෙදෙනෙක් එකම උත්සවයක දී විවාහ කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සූර්යදේව් පැවසුවේ තමා ලාල් දේවි සහ ජල්කාරි දේවි සමඟ ආදරයෙන් බැඳී සිටින බවත් ඔවුන් දෙදෙනා එකම උත්සවයක දී විවාහ කර ගැනීමට තීරණය කළ බවයි.

මෙම තුන්කොන් ප්‍රේම කතාව වසර තුනකට වැඩි කාලයක් පැවති අතර, විවාහ මංගල්‍යට පවුල් තුනෙන්ම කිසිදු විරෝධයක් එල්ල නොවූ බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙවැනි සිදුවීමක් ඉන්දියාවෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන අතර, 2021 වසරේ දී තෙලන්ගානා හි ආදිලාබාද් ප්‍රදේශයේ පුද්ගලයෙක් එක් ‘මණ්ඩපයක’ කාන්තාවන් දෙදෙනෙකු විවාහ කර ගෙන තිබෙනවා.

ඊට අමතරව 2022 වසරේ දී, ජාර්කන්ඩ් හි ලෝහර්ඩගා හි පුද්ගලයෙක් තම පෙම්වතියන් දෙදෙනාම විවාහ කරගත සිදුවීමක් ද වාර්තා වී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?