AFC Banner
Empty Ad
Empty Ad

වියළි කාලගුණය නිසා දරුවන් ගැන සැලකිළිමත් වෙන්න

මෙම දිනවල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් විජලනයෙන් වළක්වාගැනීම සඳහා ස්වභාවික දියර ආහාර දරුවන්ට ලබාදිය යුතු අතර වැඩි වශයෙන් ජලය පානයට දෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමිනුයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ දිනවල හේතුවක් නොමැතිව ඇතැම් දරුවන් හැඬීම, ඇතැම් දරුවන්ට හිසරදය, වමනය, නිදිමත ගතිය ඇතිවීම, ඇතැම් දරුවන්ට නින්ද නොයෑම, ආහාර අරුචිය ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර උණ නොමැතිව වුව ද අධික උෂ්ණත්වය සහ දහඩිය දැමීම හේතුවෙන් මෙම රෝග ලක්ෂණ පැවතිය හැකි බව ඔහු සඳහන් කළා.

අධික උෂ්ණත්වය හේතුවෙන් සමේ රෝග ද ඇතිවිය හැකි බව කියාසිටි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ මෙම තත්වය අවම කරගැනීමට නම් සෑම දරුවෙකුම දිනකට දෙවරක් උදේට සහ සවසට විනාඩි 20 බැගින් ස්නානය කිරීම සුදුසු බවයි.

මෙම දිනවල ජලය අඩු ප්‍රදේශ පවතින බැවින් එවැනි ප්‍රදේශවල ද දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

අපිරිසිදු ජලය පානයෙන් දරුවන්ට පාචන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?