වියළි කාලගුණය නිසා දරුවන් ගැන සැලකිළිමත් වෙන්න

මෙම දිනවල පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් විජලනයෙන් වළක්වාගැනීම සඳහා ස්වභාවික දියර ආහාර දරුවන්ට ලබාදිය යුතු අතර වැඩි වශයෙන් ජලය පානයට දෙන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පැහැදිලි කරමිනුයි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ දිනවල හේතුවක් නොමැතිව ඇතැම් දරුවන් හැඬීම, ඇතැම් දරුවන්ට හිසරදය, වමනය, නිදිමත ගතිය ඇතිවීම, ඇතැම් දරුවන්ට නින්ද නොයෑම, ආහාර අරුචිය ආදී රෝග ලක්ෂණ ඇතිවිය හැකි අතර උණ නොමැතිව වුව ද අධික උෂ්ණත්වය සහ දහඩිය දැමීම හේතුවෙන් මෙම රෝග ලක්ෂණ පැවතිය හැකි බව ඔහු සඳහන් කළා.

අධික උෂ්ණත්වය හේතුවෙන් සමේ රෝග ද ඇතිවිය හැකි බව කියාසිටි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ මෙම තත්වය අවම කරගැනීමට නම් සෑම දරුවෙකුම දිනකට දෙවරක් උදේට සහ සවසට විනාඩි 20 බැගින් ස්නානය කිරීම සුදුසු බවයි.

මෙම දිනවල ජලය අඩු ප්‍රදේශ පවතින බැවින් එවැනි ප්‍රදේශවල ද දරුවන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙනවා.

අපිරිසිදු ජලය පානයෙන් දරුවන්ට පාචන තත්ත්වයන් ඇතිවිය හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16