විමල් ඉවත්වීමක් ගැන කිව්ව කතාව

ගොවි ජනතාවට හානිකර වූ කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් ඉවත්වීමට ආණ්ඩුව කටයුතු කළයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ වැරැද්දක් නිවරැදි කිරීමට ලැජ්ජා වියයුතු නැති බවය. 

“මේ රටේ වාණිජ කෘෂිකර්ම බිඳ වැටීමෙන් ආහාර සුරක්ෂිතතාවය බිඳ වැටෙනවා. පොහොර ගැටලුවට විසඳුම් සෙවිය යුත්තේ කෘෂිකර්මාන්තය බිඳ වැටෙන අයුරින් නොවෙයි. දැන්වත් අපි අපිට වෙච්ච අඩුපාඩුව හඳුනගෙන නිවැරදි විය යුතුයි. ඉන්දියාවේ අගමැතිතුමාට පනත් දෙකක් ගොවි විරෝධය නිසා ඉවත් කරගන්න සිදුවුණා. ඒක අභිමානයට කැලලක් නෙමෙයි. ඉතිම් මෙතනදිත් මං හිතනවා වාණිජ කෘෂිකර්මාන්තය බිඳ වැටීමට හේතු වහාම නිවැරදි කරන්න ඕනේ. ඒ වෙච්ච වරද නිවැරදි කරගන්න ලැජ්ජා වියයුතු නැහැ. ලැජ්ජා වෙන්න අවශ්‍ය එය තවදුරටත් නිවැරදි කියලා හිතාගෙන සෙල්ලම් කරන එකටයි.වාණිජ කෘෂිකර්මය සමග සෙල්ලම් කිරීමටයි ලැජ්ජා බිය ඇතිවිය යුත්තේ.”

“පොහොර සහනාධාරයට යනවට වඩා වැඩි මුදලක්වන්දි ලෙස දැන් ගොවීන්ට ගෙවන්න වෙනවා. එතනම පේනවා නේ කරගත්තු වැරැද්දේ තරම. ගොවියාගේ ජීවිතය..කෘෂිකර්මාන්තය එක්ක සෙල්ලම් කරන්න බෑ අපිට. ජනතාවගේ බඩගින්නත් එක්කයි මේක ගැටගැහිලා තියෙන්නේ.”

“කාබනික පොහොර ප්‍රවර්ධනය කළාට ගැටලුවක් නැහැ.. ගොවියා ගොවිතැනින් පළවා හරින්නේ නැතුව.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?