විභාගයක් ලියමින් සිටින අතරතුර අසනීප වී මියගිය සිසුවියගේ මරණයට හේතුව

වනාතවිල්ලුව බණ්ඩාරනායක විද්‍යාලයේ මියගිය 14 හැවිරිදි පාසල් සිසුවියගේ මරණයට හේතුව අනාවරණය වී තිබේ.

මොළයේ දුර්වලව තිබු නහරයක් හදිසියේ පුපුරායාමෙන් මොළය තුළ ඇතිවු රුධිර වහනයෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කේ.ටි.එස් බණ්ඩාර මහතා විසින් සනාථ කර ඇත.

එලෙස මරණයට පත්ව තිබුණේ වනාතවිල්ලුව බණඩාරනායක විද්‍යාලයේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරමින් සිටි රවීෂා ධනංජනී නැමති පාසල් සිසුවියකි.

අදාළ සිසුවිය අප්‍රේල් මස 6 වන දින විභාග ප්‍රශ්න පත්‍රයකට පෙනී සිටිය දී හදිසියේ රෝගී වීමෙන් පසු වනාතවිල්ලුව රෝහලට යවා තිබුණි.

එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මුලික රෝහලට යැවීමෙන් පසු මරණයට පත්ව ඇත.

කෙසේවෙතත් මියගිය දැරියගේ පවුලේ අය පවසා තිබුණේ, දැරිය අසනීප සිටිය දී කඩිනමින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත නොකිරීම හේතුවෙන් ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වී දැරිය ජීවිතක්ෂයට පත්වු බවය.

දැරිය මරණයට පත්වීමෙන් පසු සිරුර පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ජෛව පටල සාම්පලයක් ලබාගැනීම සිදුව තිබු අතර එම වාර්තා අනුව දැරිය කොරෝනා ආසාදිතයෙක් නොවන බවට සනාථ කර තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !