AFC Banner
AFC Banner
Empty Ad

විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාර ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත් කිරීමට නිල අනුමැතිය හිමි ව තිබෙනවා.

මීට පෙර ඇය වැඩබලන අගවිනිසුරුවරිය ලෙසටයි කටයුතු කළේ.

විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු පසුගියදා වැඩබලන අගවිනිසුරුවරිය ලෙසටයි ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දුන්නේ.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක් ව ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණා.

ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
10
+1
0
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?