විනිසුරු මුර්දු ප්‍රනාන්දු අගවිනිසුරු කිරීමට අනුමැතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රවිනිශ්චයකාර ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත් කිරීමට නිල අනුමැතිය හිමි ව තිබෙනවා.

මීට පෙර ඇය වැඩබලන අගවිනිසුරුවරිය ලෙසටයි කටයුතු කළේ.

විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කරනු ලැබුවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු පසුගියදා වැඩබලන අගවිනිසුරුවරිය ලෙසටයි ඉකුත් ඔක්තෝම්බර් 10 වනදා දිවුරුම් දුන්නේ.

ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරිණියක්.

1985 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුව හා එක් ව ඇති අතර 1997 වසරේදී ඇය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරියක් ලෙසත් 2014 වසරේ දී අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරටත් උසස් වී තිබුණා.

ඇය මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ ආදි සිසුවියක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14