විදේශ විනිමය ගැටළුවට දේශීය මත්පැන් වලින් විසඳුමක්

මෙරට පවතින විදේශ විනිමය ගැටළුවට විසඳුමක් ලෙස දේශීය මධ්‍යසාර අපනයනය පිළිබඳව අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මෙරට දේශීයව නිපදවනු ලබන මත්පැත් පවිච්චි කරනු ලබන ලෝකයේ රටවල් 35ක් පමණ ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ඒ අනුව ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යනුකූලව අවසරදීම විදේශීය විනිමට ගැටළුවට විසඳුමක් වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ.

2021 වර්ෂය තුල දේශීය මත්පැන් අපනයනය කිරීම තුළින් ඩොලර් මිලියන 20ක අදායම උපයා ඇති බවත් එය 2022 වසර තුළ ඩොලර් මිලියන 21ක් දක්වා ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් පසුගිය දා පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා.

“විශේෂයෙන් ම කිතුල් රා සහ තල් රා සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටේ ප්‍රසිද්ධ සමාගමක් මෑතකදි ඇහුවා රා සැණකෙළියක් පවත්වන්න. ඇත්තටම මම ඒ සඳහා සාකච්ඡාවකට දිනයකුත් වෙන් කළා. මේක විදේශිකයන් සඳහා පොල්, තල් සහ කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කරන වැඩක්. පසුගිය දා අපි අවසර දුන්න සයිඩර් කියන බීම වර්ගය අපනයනය කරන්න. මේක නිර්දේශ කරන්නෙ මෙරට පළතුරුවලින් හදන බීමක් විදියට. අපේ පළතුරුවලටත් හොඳයි අපනයනයටත් හොඳයි. කිරි පොන්සා කියල තවත් ජාතියකට අවසර දුන්නා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03