විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් බ්‍රෙමන් නගර ශාලාවේදී (බ්‍රෙමන් රතවුස්) බ්‍රෙමන් නගරාධිපති ආචාර්ය ඇන්ඩ්‍රියාස් බොවෙන්ෂුල්ට් හමුව තිබෙනවා.
සිය නිල එක්ස් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍ය හේරත් පැවසුවේ මෝටර් රථ, වෙළඳාම සහ සැපයුම් ඇතුළු කර්මාන්තවල මධ්‍යස්ථානයක් වන බ්‍රෙමන්, ශ්‍රී ලංකාවේ නැගී එන අවස්ථා ගවේෂණය කළ හැකි ආකාරය පිළිබඳව මෙම හමුවේ දී සාකච්ඡා කළ බවයි.
ජර්මනියේ එහි ජනප්‍රියතාවය ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තුළ දෙරට අතර සහයෝගීතාව වැඩි කිරීමේ අවස්ථාවන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1



