AFC Banner
Empty Ad
Empty Ad

විදේශිකයන්ගෙන් මෙරටට ආ හැකි තවත් රෝගයක් ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට විදේශිකයන්ගෙන් මැලේරියාව වැළඳීමේ වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරය පවසනවා.

විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින්ට උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම මැලේරියා පරීක්ෂාවට ලක් කළ යුතු බවයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසුවේ.

මේ වසරේ ගත වූ කාලය තුළ ආනයනික මැලේරියා රෝගීන් 21 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති අතර, පසුගිය වසරේ මැලේරියා රෝගීන් 30 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

වෛද්‍ය රණවීර පවසන පරිදි, COVID-19 වසංගතය හේතුවෙන් විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින් දින 14 ක අනිවාර්ය නිරෝධායන කාලය සඳහා යොමු කර ඇති අතර, නිරෝධායනයේ 10 වන දින ඔවුන් මැලේරියාව සඳහා පරීක්ෂාවට ලක් කළ අතර එහිදී මැලේරියා රෝගීන් 10 ක් විදේශිකයන් අතරින් හඳුනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?