AFC Banner
AFC Banner
Empty Ad

විදෙස් කාන්තාවකගෙන් අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනාගේ වැඩ තහනම්

විදෙස් කාන්තාවකගෙන් රුපියල් 5000ක මූල්‍ය අල්ලසක් ලබා ගත් පොලිස් නිලධාරීන් දෙදෙනකුගේ රාජකාරී කටයුතු තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනමට ලක් ව ඇත්තේ මිදිගම පොලිස් ස්ථානයට අනුයුක්ත ව සේවය කළ කොස්තාපල්වරුන් දෙදෙනකුගේ බවයි වාර්තා වන්නේ.

ඉකුත් 31 වැනි දා දහවල් කාලයේ යතුරුපැදි සංචාරයක නිරත වී සිටි විදෙස් කාන්තාවකගෙන් මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා අල්ලස් ඉල්ලා ඇති බවට ලද පැමිණිල්ලක් මත මාතර පොලිස් කොට්ඨාස ඒකකය විමර්ශන ආරම්භ කළා.

එම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් අනතුරුව පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීම, දූෂිත ක්‍රියා සිදු කිරීමේ චෝදනා මතයි ඊයේ (13) දිනයේ දී අදාළ නිලධාරීන් දෙදෙනාගේ වැඩ තහනම් කිරීමට
මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. වී. ගිනිගේ මහතා විසින් පියවර ගනු ලැබුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
6
+1
0
+1
2
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?