අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධනය කර තිබෙනවා.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ සෑම අංශයක ම පාහේ විදුලි බිල් ගාස්තුව සියයට 20කින් පමණ පහත දැමීමට තීරණය කළ බවයි.
ඒ අනුව මෙම නව සංශෝධනය ඉදිරි මාස 06 සඳහා වලංගු වනු ඇති.
ගෘහස්ථ අංශය සඳහා මෙම නව සංශෝධනය බලපාන්නේ පහත පරිදි බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ.
ඒ අනුව ඒකක සහ මාසික ගාස්තු යන දෙඅංශයට ම බලපාන අතර එහි දී රුපියල් 100ක මාසික ගාස්තුවක් ගෙවනු ලැබූ පාරිභෝගිකයාගේ ගාස්තුව වනුයේ රුපියල් 75ක්.
ඒකක 31-64 කාණ්ඩයේ ඒකකයක ගාස්තුව රුපියල් 9 සිට 6 දක්වා පහත බසිනවා.
ඒ අනුව ඒ කාණ්ඩයේ මාසික ගාස්තුව රුපියල් 250 සිට 200 දක්වා පහත බසිනු ඇති.
එනම් සාමාන්‍ය මාසික විදුලි බිලක් ගතහොත් රුපියල් 280ක් ගෙවූ පාරිභෝගිකයාගේ විදුලි බිල් ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට සටහන් වන්නේ රුපියල් 195ක් ලෙසයි.
මේ අතර ඒකක 60ක විදුලි පරිභෝජනයක් සහිත පාරිභෝගිකයෙකු මේ වනවිට රුපියල් 700ක මුදලක් ගෙවන බවත් නව සංශෝධනයෙන් එය රුපියල් 500 දක්වා පහත බසින බව ද මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා කියා සිටියා.
එය ප්‍රතිශතාත්මක ව සියයට 29කින් පහත දැමීමක්.
එමෙන්ම ඒකක 61-90 කාණ්ඩය සඳහා විදුලි බිල සියයට 19කින් අඩු වන බවත්, ඒකක 91-180 කාණ්ඩය දක්වා සියයට 18කින් විදුලි බිල පහත දැමීමට පියවර ගෙන තිබෙනවා.
ඒකක 180ට වැඩි කාණ්ඩ සඳහා ද නව සංශෝධනය යටතේ විදුලි බිල සියයට 19කින් පහත බසිනු ඇති.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ ඉහත පරිදි මෙම සියලු කාණ්ඩවල ගණනයන් සියයට 20ක් ලෙස විදුලි බිල පහත බසින බවයි.
මේ අතර පොදු කාර්යයන් සඳහා විදුලි බිල සියයට 12කින් ද, රාජ්‍ය ආයතන සඳහා විදුලි බිල සියයට 11කින් ද, හෝටල් සඳහා එය සියයට 31ක් ලෙස පහත බසිනු ඇති.
කර්මාන්තවල විදුලි බිල සියයට 30කින් මෙන් ම ආගමික හා පුණ්‍යායතන 21%කින් සහ වීදි ලාම්පු සඳහා සියයට 11කින් ද නව සංශෝධනය යටතේ විදුලි බිල පහත දමා තිබෙනවා.