විදුලි කප්පාදුව ගැන තීරණයක් ගනී

අද (08) දිනයේ දිවයින පුරා විදුලි කප්පාදුවක් සිදුකිරීමට අපේක්ෂා නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබා දීමත් සමග විදුලි උත්පාදන කටයුතු සිදුකළ හැකි බැවින් විදුලි කප්පාදුවක් සිදුකිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලය විසින් ගෙවීම් සිදුනොකිරීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීමත් සමග සපුගස්කන්ද මෙන්ම කුකුලේ ගඟ විදුලි බලාගාරවල විදුලි ජනන කටුයුතුවලට බාධා එල්ල විය.

මේ හේතුවෙන් ඊයේ (07) සහ පෙරේදා (06) දිනවලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු 05.30 සිට රාත්‍රී 09.30 දක්වා වූ කාලය තුළ පැයක කාලයක් විටින් විට විදුලිය අත්හිටුවනු ලැබීය.

කෙසේවෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ රාත්‍රි කාලයේදී කොළඹ වරායේ පිහිටි පාවෙන විදුලි බලාගාරය සඳහා දැවිතෙල්  මෙට්‍රික්ටොන් 2,500ක් සහ සපුගස්කන්ද විදුලි බලාගාරය සඳහා අද දිනයේදී මෙට්‍රික්ටොන් 2,500ක් ලබාදීමට එකඟතාවය පළකළ බව වාර්තා වෙයි.

කොළඹ වරායේ පිහිටි පාවෙන විදුලි බලාගාරය මගින් මෙගාවොට් 60ක ධාරිතාවයක් උත්පාදනය කෙරෙන අතර සපුගස්කන්ද විදුලි බලාගාරයෙන් මෙගාවොට් 160 ක විදුලිය නිෂ්පාදනය කෙරේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිලුම්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට දිලුම් සමාව ගයි..මට ලැබුණු ආරංචිය තමයි මම කිව්වේ
03:11
Video thumbnail
අනුර කුමාරට ගෝඨාභය මුණගැහෙයි - පරිස්සම් වෙන්න
03:58
Video thumbnail
හර්ෂට ලැබුණු විනාඩි 3න් ආණ්ඩුවට හොඳ පාඩමක් උගන්වයි
04:26
Video thumbnail
මස්කෙළියේ වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කරයි
02:44
Video thumbnail
ඉරාන්ගෙන් ක්‍රිකට් ව්‍යවස්ථාව ගැන විශේෂ ප්‍රකාශයක් - අපිට ආණ්ඩුවෙන් කිසිම බලපෑමක් නෑ
07:39
Video thumbnail
බල නහර ක#ගන්න එපා ජනාධිපතිතුමෝ - ප්‍රසාද් ජනාධිපතිගෙන් ඉල්ලයි
05:46
Video thumbnail
ලොරියක් අඩි 250ක ප්‍රපාතයකට පෙරළී සිදු වූ බිහිසුණු අනතුර
01:02
Video thumbnail
සලේ ඇත්තටම මේකට සම්බන්ධද ? සාටකත් ගෑවිලද ? නාමල් සියල්ලට පිළිතුරු දෙයි
02:09
Video thumbnail
"බෑග් එක ඇරලා බලද්දි අම්මගේ කකුල් දෙක දැක්කා"සීදූවම සලිත කළ සිද්ධියේ නවතම දර්ශන
05:43
Video thumbnail
චානකගෙන් භයානක හෙළිදරව්වක් - ආණ්ඩුවෙන් රට තුළට සුදු මැස්සෝ ගෙනල්ලා..?
06:25