විදුලි කප්පාදුව ගැන තවත් තීරණයක්

සැලසුම් කළ විදුලිබල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම වත්මන් විදුලි අර්බුදයට ප්‍රධානම හේතුව බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ඉදිරි මාස එකහමාරක කාලය තුළ විදුලිය කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවය.

මේ අතර, සපුගස්කන්ද බලාගාරයේ A බලාගාරයේ ඉන්ධන අවසන් වීම හේතුවෙන් අද (29) පෙරවරුවේ අක්‍රීය වුණි.

මේ හේතුවෙන් මෙගාවොට් 48ක් ජාතික පද්ධතියට අහිමි වී තිබේ.

මෙවන් පසුබිමක අද රාත්‍රියේ විදුලි අවශ්‍යතාව මෙගාවොට් 2630ක් පමණ වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අපේක්ෂා කරයි.

එම නිසා හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය විදුලි පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.

මේ අතර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි පරිභෝජනය අවම කරගැනීමේ යෝජනා කිහිපයක් හඳුන්වා දී තිබේ.

ප්‍රශ්නය – දැන් මේ මාසේ යන්න පුළුවන් කියලා අපිට ඕන ඕන විදියට විදුලිය භාවිත කරන්න පුළුවන් ද?

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ, සභාපති, ජනක රත්නායක මහතා,

“ගෑස් පුපුරන්න ගත්තා. මහජනතාව ගෑස්වලින් අයින් වෙලා විදුලිය පාවිච්චි කරනවා තමන්ගේ දෛනික කටයුතු කරගෙන යන්න. මේ වගේ ප්‍රශ්න ඇති වෙලා තමයි අපේ ඩිමාන්ඩ් එක වැඩිවෙලා තියෙන්නේ. අපේ ප්‍රශ්නේ අපි විසඳාගන්න ඕනේ. අපි ඊයෙත් ඇරියා පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට මේ වීදි ලාම්පු කියන ඒවා අනිවාර්යයෙන්ම රෑ 10න් පස්සේ ඕෆ් කරන්න ඕනේ. ඒ වගේම මම ඉල්ලනවා මේ ව්‍යාපාරික මහතුන්ගෙන් තමන්ගේ නාමපුවරු රාත්‍රී 9න් පසු නිවාදමන්න කියලා. ඒ වගේම ගෘහස්ත විදුලි පරිභෝජනය කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් මම ඉල්ලා සිටිනවා 6.30 -10.30ත් ඇතුළත කාලය තුළ දී විදුලි පරිභෝජනය අඩු කරන්න. එතකොට අපිට මේක මැනේජ් කරන්න පුළුවන්.”

මෙම විදුලි අර්බුදයට හේතුවු කරුණු සම්බන්ධයෙන්ද සභාපතිවරයා මෙලෙස කරුණු පැහැදිලි කළේය.

“මම කොමිෂන් සභාවට පත්වෙලා ලබන වසරට අවුරුද්දක් වෙනවා. මගේ පළමු කාර්ය වුණේ නොරොච්චෝලේ තාප බලාගාරය මෙගා වොට් 300ක බලාගාරය අනුමත කිරීම. මම ඒකට දවස් දෙක තුනකින් අවසරය ලබාදුන්නා. ඒත් පස්සේ දේශපාලන අධිකාරිය විසින් තීරණයක් ගත්තා ලෝකයේ තියෙන ප්‍රවණතාවයන් මත මෙය කරන්නේ නැහැ කියලා. ඊට අමරතව ගිය වසර ඇතුළත LNG තව දෙකකට අපි අවසරය දුන්නා. ඒත් තියෙන ප්‍රශ්න අනුව මේවා ටික ටික කල්යනවා.”

ප්‍රශ්නය – 31 න් පස්සේ විදුලිය කපනවා ද?

“මම කතා කරා නොරොච්චෝලේ තුන්වෙනි බලාගාරයට 99%කට වැඩිය හැකියාවක් තියෙනවා ඉරිදා මේක වැඩකරන්න සම්බන්ධ වෙනවා කියලා. ඒ වගේම සෝජිස්ට් බලාගාරය මෙගා වොට් 130ක් තියෙන එක 2 වැනිදා එනවා. දැන් මේ වෙලාව වෙනකොට බොරතෙල් නැවක් අන්ලෝඩ් කරනවා පිරිපහදුවට. ලබන සඳුදා වෙද්දි තීරණය කරන්න පුළුවන් වෙයි ලබන මාස එක හමාර ඇතුළත විදුලිය කපන්න ඕන නෑ කියලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46
Video thumbnail
ඉන්ධන මිල සංශෝධනය තීරණය කරන්නේ ට්‍රම්ප් තමයි..අනවශ්‍ය ඉන්ධන පරිහරණය නිසා මිල වැඩි වුණේ
03:13
Video thumbnail
වරම ගත්තට පස්සේ කාන්තාරයක් පෙන්නන්න එපා..අපි වැඳි බණද කිව්වේ ? මොකුත් කළේ නැද්ද ?
06:13
Video thumbnail
පාස්කු ඉරිදා සිද්ධිය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් මෙන්න.. විනාශ කරන නායකයින් ඉන්නේ මේ ආණ්ඩුව ඇතුළේ
12:24
Video thumbnail
අද රෑ ඉදන් QR එක නැතුව ජනතාවට පෙට්‍රල් ගහන්න පුළුවන්..ඩීසල්වලට සහනයක් ලැබෙන්නේ නැහැ
04:52
Video thumbnail
ආණ්ඩුව සිංහ හමක් පොරවගත්ත බැටළුවෝ වුණා..මුන් ටික ඔක්කෝටම වැඩිය හපන්
05:59
Video thumbnail
අකුරැස්සේ OIC පාසල් දරුවන්ට කියලා දුන්න පාඩම.."අම්මා දෙයක් කරන්න එපා කිව්වොත් කරන්න එපා දරුවනේ"
05:14
Video thumbnail
බස් නැවතුම්පොළේ වැටුණ දුරකථනය තරුණයාටම ලබාදුන් පොලිස් නිලධාරින්..තරුණයාගේ මුහුණේ තියෙන ඒ සතුට
01:17
Video thumbnail
බැස්ටියන් මාවතේ සිට ගාල්ල දක්වා අලුතෙන් බස්රථ සේවාවක්.."ඇත්තටම මේක පහසුයි..කරපු අයට ස්තූතියි"
04:36
Video thumbnail
බස් එකේ කෑලි හැලෙනවා - කුඩේ කුඩුවෙලා..ටිපර් රථයක් බස් රථයක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:27