දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල විදුලිය විසන්ධි වීම් ද සිදු ව තිබෙනවා.
ඒ දැඩි සුළඟ හේතුවෙන් ගස්වැල් විදුලි රැහැන් මතට පතිත වීමත් සමගයි.
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක් හරහා ඊයේ (29) රාත්‍රියේ හමා ගිය දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලි බිඳ වැටීම් වාර්තා වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.
අක්‍රීය වූ විදුලි පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කණ්ඩායම් යොදා ඇති බවයි විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පැවසුවේ.
එවැනි විදුලිය විසන්ධි වීම් තිබේ නම්; 1987 කෙටි අංකය ඔස්සේ හෝ සී. ඊ. බී. ඇසිස්ට් ජංගම යෙදවුම හරහා දැනුම්දෙන ලෙස ද විදුලි බල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.





