ගම්බිම් වෙත යන ජනතාව වෙනුවෙන් අදත් බස් සේවා

අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන ජනතාවට අද (13) දිනයේදීත් බස් රථ ධාවනයට යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව මගී අවශ්‍යතාවය පරිදි බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි එම මණ්ඩලය සඳහන් කළේ.

එමෙන්ම හෙට (14) දිනයේදීත් ප්‍රාදේශීය ඩිපෝවලින් අවශ්‍යතා අනුව බස් රථ ධාවනය කරන බවයි ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ.

මේ අතර කොළඹ බැස්ටියන් මාවතෙන් ගමන් ආරම්භ කරන දුරගමන් සේවා පෞද්ගල්ක බස් රථ මගී අවශ්‍යතාවය අනුව පිටත් කර හැරෙන බවයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක (ධාවන) ෂෙරීන් අතුකෝරළ සඳහන් කළේ මගීනගේ පැමිණීමේ අඩුවක් පැවතීම හේතුවෙන් අමතර බස් රථ ධාවනයට එක්‌ කිරීමක් අද (13) දිනය තුළ දී බොහෝ දුරට අවශ්‍ය නොවන බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (13) දිනයේ සහ හෙට (14) යන දෙදින තුළ දී දුම්රිය ධාවනය ද සීමා කර ඇති බවයි.

කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය කෙරෙන සීඝ්‍රගාමී දුම්රියන්, තැපැල් දුම්රියන් සහ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියන් සියල්ල සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11