අද (09) පස්වරු 3.00 සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් සියලු සේවාවකින් ඉවත්වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසනවා.
එම සේවක සංගමයයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස දක්වමින් මේ බව සඳහන් කළා.
විදුලිබල මණ්ඩලයේ මළගම සිදු වූ අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවත්, සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයෙන් ඉවත්ව සිටින බවයි ලේකම්වරයා පැවසුවේ.
කෙසේ වෙතත් බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව සඳහන් කළ ඔහු, බිඳවැටීම් සහ නඩත්තු කටයුතුවලින් ඉවත්ව ඉදිරි පැය 24ක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පමණක් සැපයීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.













