විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් සියලු සේවාවකින් ඉවත්වීමට තීරණයක්

අද (09) පස්වරු 3.00 සිට ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින් සියලු සේවාවකින් ඉවත්වීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය පවසනවා.

එම සේවක සංගමයයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මාධ්‍ය වෙත අදහස දක්වමින් මේ බව සඳහන් කළා.

විදුලිබල මණ්ඩලයේ මළගම සිදු වූ අද වැනි දිනක රජය විසින් කිසිදු සාධනීය පිළිතුරක් හෝ සාමුහික ගිවිසුමක් විදුලි සේවකයින් වෙත ලබාදී නොමැති බවත්, සාමුහික ගිවිසුම ගැන අධ්‍යයනය කර සාකච්ඡාවක් ලබාදෙන තුරු සේවයෙන් ඉවත්ව සිටින බවයි ලේකම්වරයා පැවසුවේ.

කෙසේ වෙතත් බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බව සඳහන් කළ ඔහු, බිඳවැටීම් සහ නඩත්තු කටයුතුවලින් ඉවත්ව ඉදිරි පැය 24ක කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා පමණක් සැපයීමට කටයුතු කරන බවයි වැඩිදුරටත් සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ.. මම උත්තර දුන්නොත් මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙනවා
00:54
Video thumbnail
රාජපක්ෂ පවුලේ නඩු නැති කෙනෙක් නෑනේ - අනේ අර වයසක උන්දටත් නඩුනේ..කට්ටියගේ ලෙඩ වැඩිවෙලා
01:40
Video thumbnail
අනුරාධපුරට ලක්ෂ ගාණක් වෙන් කළා නේද.. කෝ ඒවා..?
02:07
Video thumbnail
නාමල්ගේ සගයන් කොටුව උසාවියට එයි
00:32
Video thumbnail
නාමල් කොටුව උසාවියට
00:27
Video thumbnail
නාමල්ද, වෙන මොන රාජපක්ෂද, වික්‍රමසිංහද ඒක අදාළ නෑ අපිට - වැරදි කරපු අයට අනිවාර්යෙන් දඬුවම්
03:20
Video thumbnail
නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා රිමාන්ඩ්
01:04
Video thumbnail
22 එරෙහිව 24වෙනිදා මුළු රටම එකතු කරනවා පාර්ලිමේන්තු වට රවුමට - දේශපාලනය ගෙනල්ලා මේක කඩන්න එපා
08:11
Video thumbnail
මහින්දගෙන් පාඩමක් ඉගෙනගන්න - තිස්සකුට්ටිට දුමින්ද උත්තර දෙයි
05:47
Video thumbnail
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කළු විරෝධතාව
02:18