නීතිවිරෝධීව ඊයේ දිනයේ පත් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරෙන් ඉවත් නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.
මේ අතර,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් මෙටි්‍රක් ටොන් 3000 ක් ලබාදීම නිසා අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, මෙගවොට් 60 ක පමණ ඌණතාවක් පැවතීම හේතුවෙන් අද දිනයේදී මිනිත්තු 30 ක පමණ කාලයක් විදුලිය විසන්ධි වනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කළේ සපුගස්කන්ද බලාගාරයට අවශ්‍ය දැවිතෙල් තවත් සතියකට පමණ ප්‍රමාණවත් වන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින 4 කට පමණක් බවයි.
ජල විදුලිය නිෂ්පාදනය ද මේ වනවිට දුෂ්කර තත්ත්වයක පවතින බැවින් ලබන අප්‍රේල් මාසයේදී වර්ෂාව නොලැබුණහොත් දැඩි විදුලි අර්බුදයකට ලක්වන බවත් විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.