විදුලිබල මණ්ඩලයේ ඇතුලේ කචල්

නීතිවිරෝධීව ඊයේ දිනයේ පත් කර ඇති ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා එම තනතුරෙන් ඉවත් නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා විදුලි ඉංජිනේරු සංගමය පවසනවා.

මේ අතර,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඩීසල් මෙටි්‍රක් ටොන් 3000 ක් ලබාදීම නිසා අද දිනයේ විදුලි කප්පාදුවක් සිදුනොවන බවයි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, මෙගවොට් 60 ක පමණ ඌණතාවක් පැවතීම හේතුවෙන් අද දිනයේදී මිනිත්තු 30 ක පමණ කාලයක් විදුලිය විසන්ධි වනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය කියා සිටියා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු සඳහන් කළේ සපුගස්කන්ද බලාගාරයට අවශ්‍ය දැවිතෙල් තවත් සතියකට පමණ ප්‍රමාණවත් වන අතර, කැළණිතිස්ස බලාගාරයට අවශ්‍ය ඩීසල් ප්‍රමාණවත් වන්නේ දින 4 කට පමණක් බවයි.

ජල විදුලිය නිෂ්පාදනය ද මේ වනවිට දුෂ්කර තත්ත්වයක පවතින බැවින් ලබන අප්‍රේල් මාසයේදී වර්ෂාව නොලැබුණහොත් දැඩි විදුලි අර්බුදයකට ලක්වන බවත් විදුලි ඉංජිනේරු සංගමය පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43