විදුලිබල මණ්ඩලයට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදීම තුළින් ලංකා විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය බරපතළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

එම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් පෙත්සම්කරුවන්ට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම ක්‍රියාවට වගකිව යුතු නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටයි බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ.

ඒ අනුව පෙත්සම්කරුවන්ගේ සූර්ය බලශක්ති විදුලි ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අභිලාශය ප්‍රකාශ කිරීමේ ලිපිය වහාම නිකුත් කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කළ අධිකරණය සුනිත්‍ය බලශක්ති අධිකාරි පනතේ විධි විධානයන් ප්‍රකාරව මාසයක් ඇතුළත විදුලි ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසත් එම අධිකාරියට නියෝග කර තිබෙනවා.

වවුනියා සෝලා පවර් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගමක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ
ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස් යන මහත්වරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ.

පෙත්සම්කාර සමාගම කියා සිටින්නේ සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා තම සමාගම විසින් 2016 වසරේ මැයි මස අයදුම්පතක් ඉදිරිපත් කළ බවයි.

එම ව්‍යාපෘතිය සඳහා ප්‍රාදේශීය බලධාරීන්ගෙන් අනුමැතිය ලැබුණු බවත් පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.

එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා බාධා පමුණුවමින් ඊට අවශ්‍ය අනුමැතිය ලබා නොදීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනා කරමින් පෙත්සම්කාර සමාගම විසින් ලංකා විදුලි බල මණ්ඩලය සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියේ,

“රටේ ප්‍රමාණවත් බලශක්ති උත්පාදනයක් නොමැතිවීම නිසා ජනතාව පීඩාවට පත් වී සිටිනවා. ඒ නිසා විශාල වියදමක් දරා ඉන්ධන උපයෝගී කරගෙන විදුලිය නිෂ්පාදනය කිරීමට පෙළඹී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට දීර්ඝකාලීන බලශක්ති අර්බුදයකට මුහුණදීමට සිදුවී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මහජනතාව, වෙළඳ හා ආර්ථික ක්ෂේත්‍රය විශාල ලෙස අපහසුතාවයකට මෙන්ම අගතියට පත්ව සිටිනවා. මෙම තත්ත්වය මත අප විසින් අතහැරදමා තිබෙන පුනර්ජනනීය ප්‍රභවයන් හරහා බලශක්තිය උත්පාදනය කර ගැනීම ඉතා වැදගත්. අතහැරදමා තිබෙන සම්පත් උපයෝගී කරගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රියාමාර්ග කෙරෙහි යොමු වීමට ද බලධාරීන් අසමත් වී තිබෙනවා.” යනුවෙන්.

වැඩිදුරටත් කරුණු දැක්වූ විනිසුරු කෝදාගොඩ මහතා,

” මෙම නඩු කරයට පාදක වන සිද්ධිය ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ තුළින් පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තිබෙනවා. ඊට ලංකා විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සෘජුවම වගකිව යුතුයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සම්බන්ධයෙන් බාධා පැමිණ වූ අවස්ථා මීට පෙර ද වාර්තා වුණා. කෙසේවෙතත් අදාළ ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ප්‍රාදේශීය බලධාරීන් විසින් අවශ්‍ය අනුමැතිය ලබාදීම නිසා පෙත්සම්කරුවන් තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූල අපේක්ෂාවක් ඇති වුණා. එය වග උත්තරකරුවන් විසින් අඩාල කිරීම තුළින් ඔවුන්ට විශාල මූල්‍යමය අලාභයක් සිදු වූ බව අධිකරණයේ මතයයි. ඔවුන්ට සිදු වූ අලාභය සම්පූර්ණයෙන්ම ගෙවීමට නොහැකි වීම ගැන කනගාටු වෙනවා. මන්ද එවැනි වන්දි මුදලක් ගෙවීමට සිදු වූවොත් ඒ තුළින් “රජයේ ඒකාබද්ධ අරමුදලට” දැරිය නොහැකි බරක් පැටවෙනවා. එසේ වුවොත් රටේ බදු ගෙවන ජනතාව ද අපහසුතාවයකට පත්වීම සිදු වෙනවා.”

යනුවෙන් සඳහන් කළ විනිසුරු කෝදාගොඩ මහතා පෙත්සම්කරුවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙස ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර තිබෙනවා.

මෙම බරපතළ සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට නීත්‍යානුකූල පියවර ගැනීම රජයේ වගකීම බවයි විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කළේ.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඊට වගකිව යුතු පුද්ගලයින් හඳුනා ගෙන ඔවුන්ට එරෙහිව නිසි නීතිමය පියවර ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් විනිසුරුවරයා විසින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

ඒ අනුව අවශ්‍ය පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් නීතිපතිවරයා සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කරන විනිසුරු මඩුල්ල වැඩිදුරටත් නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43