විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබද කමිටු වාර්තාව බලශක්ති ඇමති අතට

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබද කැබිනට් මණ්ඩලය විසින් පත්කරන ලද කමිටුව විසින් සකස් කළ වාර්තාව තමන් වෙත ලැබී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

මෙම වාර්තාව ජනාධිපතිවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට ඉදිරියේදී භාරදෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ලබන මාසයේදී අදාළ ප්‍රතිසංස්කරණ ඇතුළත් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බවයි ඔහු එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?