පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් ඉන්දියාවේ සංචාරයක

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කරන ලද ආරාධනයකට අනුව, යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ ප්‍රධානත්වයෙන්
යුත් පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්, පසුගිය 22 සිට 27 දක්වා නවදිල්ලි සහ මුම්බායි හි අධ්‍යයන සංචාරවල නිරත වුණා.

ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට, විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලින් බණ්ඩාර ජයමහ, මංජුල සුරවීර ආරච්චි, කේ. ඉලන්කුමාරන්, චතුර ගලප්පත්ති, රවීන්ද්‍ර බණ්ඩාර, අසිත නිරෝෂණ එගොඩ විතානගේ, ශාන්ත පත්ම කුමාර සුබසිංහ, නීතිඥ ගීතා හේරත්, කින්ස් නෙල්සන් , ධර්මප්‍රිය විජේසිංහ ඇතුළත් වුණා.

තවද, ආංශික අධීක්ෂණ කාරක සභා කාර්යාලයට අනුයුක්ත පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් වන සහකාර අධ්‍යක්ෂ (පරිපාලන) කේ. පී. චන්දන, ප්‍රධාන නිලධාරිනී එස්. ඩබ්ලිව්. ටී. ආර්. ද සිල්වා සහ පාර්ලිමේන්තු නිලධාරිනී ඩබ්ලිව්. කේ. ඒ. එම්. එම්. එම්. අර්ථනායක මෙම සංචාරයට එක්ව සිටියා.

නියෝජිත කණ්ඩායමපසුගිය 22 වන දින නව දිල්ලි නගරයට පැමිණි අතර, ඊළඟ දින සිට නිල කටයුතු ආරම්භ කළා.

මෙම වැඩසටහන තුළ ඉන්දීය විදේශ ලේකම්වරයා සමඟ හමුවක් සහ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ප්‍රේර්නා ස්ථල් හිදී
පුෂ්පෝපහාරයක් සිදුකිරීම ද ඇතුළත් වුණා.

එමෙන්ම, නියෝජිත කණ්ඩායම හා ලෝක් සභාවේ ගරු කථානායක ඔම් බිර්ලා අතර හමුවක්ද පැවැත්වුණා.

තවද ඉන්දීය පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ දැනුවත් කිරීමේ සැසිවාරයක් පැවැත්වූ අතර, එමඟින් ආයතනික ව්‍යුහයන් සහ ව්‍යවස්ථාදායක ක්‍රියාවලීන් පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම , නියෝජිත කණ්ඩායම ප්‍රවාහන, සංචාරක හා සංස්කෘතිය පිළිබඳ ස්ථාවර කාරක සභාව සහ නිවාස හා නාගරික කටයුතු පිළිබඳ ස්ථාවර කාරක සභාව සමඟද මෙම නියෝජිත පිරිස ඵලදායී සාකච්ඡාවල නිරත වුණා.

2026 මාර්තු 24 වන දින, නියෝජිත කණ්ඩායම තාක්ෂණික හා ප්‍රතිපත්තිමය කටයුතු කේන්ද්‍රකරගත් වැඩසටහන් කිහිපයකට සහභාගී වූ අතර, එයට ඉන්දියාවේ “PM Gati Shakti” ජාතික ප්‍රධාන සැලැස්ම පිළිබඳ සැසිවාරයක්ද ඇතුළත්.

එමෙන්ම ජාතික මහාමාර්ග අධිකාරියේ සහ ඉන්දීය සූර්ය බලශක්ති සංස්ථාව යන ආයතනයන් වලද සංචාරය සිදුකළ අතර ඉන්දියානු කර්මාන්ත සම්මේලනය සමඟද සාකච්ඡා පැවැත්වුණා.

තවද ද්විපාර්ශ්වික පාර්ලිමේන්තු සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නියෝජිත පිරිස ඉන්දියා-ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය සමඟ ද සාකච්ඡාවල නිරත වුණා.

2026 මාර්තු 25 වන දින නියෝජිත කණ්ඩායම නාගරික සංක්‍රමණ පද්ධති සහ පොදු ප්‍රවාහනයේ වඩාත් නිවැරදි භාවිතයන් අධ්‍යයනය කිරීම සඳහා නියෝජිත පිරිස දිල්ලි මෙට්‍රෝ දුම්රිය සංස්ථාවේ සංචාරය කළා.

ඉන් අනතුරුව, නව දිල්ලි මහ නගර සභාව සමඟ Smart City ආරම්භක වැඩසටහන් පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර,
එහිදී නගර පාලනය, ඩිජිටල් මූලික ව්‍යුහයන් සහ තිරසර නාගරික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරනු ලැබුවා.

තවද, ජල් ශක්ති අමාත්‍යාංශයට අයත් “Jal Jeevan Mission” වැඩසටහනේ නිලධාරීන් සමඟ හමුවක් පැවැත්වූ අතර, මහා පරිමාණ ජල සැපයුම් කළමනාකරණය සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය පිළිබඳ සාකච්ඡා කළා.

මුම්බායි නගරයේ පැවැත්වූ වැඩසටහන යටතේ, අටල් සේතු පාලම, ජවහර්ලාල් නේරු වරාය සහ නවී මුම්බායි ගුවන්තොටුපළ ඇතුළු ප්‍රධාන යටිතල පහසුකම් හා සංවර්ධන ස්ථාන වල නියෝජිත පිරිස සංචාරයක නිරත වුණා.

තවද, නියෝජිත කණ්ඩායම Power Exchange India Limited වෙත සංචාරය කිරීමෙන් අනතුරුව මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගරු ප්‍රධාන අමාත්‍යවරයා හමුවුණා.

2026 මාර්තු 27 වන දින, නියෝජිත පිරිස Gateway of India සහ Elephanta Caves ඇතුළු ප්‍රසිද්ධ ස්ථානවල සංචාරය කළා.

තවද නියෝජිත පිරිස මහාරාෂ්ට්‍ර විධන් සභාවේ ගරු කථානායකවරයා සහ ආයෝජන ප්‍රවර්ධනය සහ කර්මාන්ත අංශයන්හි
ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වුණා.

මෙම පාර්ලිමේන්තු අධ්‍යයන සංචාරයට ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ සහභාගී වීම ඔස්සේ, ඉන්දියාව සමඟ ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීමට සහ අඛණ්ඩ පාර්ලිමේන්තු සහයෝගීතාව තුළින් යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය ක්ෂේත්‍රයේ ආයතනික ධාරිතාව ඉහළ නැංවීමට, දැනුම හුවමාරු කර ගැනීමට සහ වඩාත් නිවැරදි භාවිතයන් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම තවදුරටත් තහවුරු කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09