ඉන්දීයාවට පනවා තිබූ අපනයන සීමා කිහිපයක් ඉවත් කිරීමට චීනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පොහොර, දුර්ලභ පස් චුම්බක/ඛනිජ ද්‍රව්‍ය මෙන්ම උමං කැණීමේ යන්ත්‍ර ඉන්දියාවට අපනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා ඉවත් කර ඇති බව දන්වා තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පසුගිය මාසයේ දී වැන්ග් යී හමුවූ අවස්ථාවේදී එම සීමා ඉවත් කරන්නැයි ඉල්ලා සිටියා.
දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවේ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී, චීනය මෙම අයිතම තුන සම්බන්ධයෙන් ඉන්දියානු ඉල්ලීම්වලට දැනටමත් ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර ඇති බවට සඳුදා ජයශංකර්ට සහතික වී තිබුණා.
චීනය සහ ඉන්දියාව අතර වර්ධනය වන හොඳ හිත පිළිබඳ වඩා වැදගත් සලකුණක් ලෙස මෙය හැඳින්විය හැකියි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
4
+1
+1
+1
1
+1
1





