වැට් බදු මුදල් නොගෙව්වන්ට අධික දණ්ඩනයක්

වැට් බදු මුදල් වහාම රජයට ගෙවීම ඒවා ගෙවිය යුතු තැනැත්තන්ගේ පරම වගකීම බවත් ව්‍යවස්ථාදායකයේ අභිමතය ද එය බැවින් එම මුදල් නොගෙවන තැනැත්තන්ට අධිකරණ මගින් අධික දණ්ඩන පනවා ඇති බව ද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා පැවසුවා.

එකතු කළ අගය මත බදු මුදල් 29,479,155 නොගෙවීම් මත දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පැවරු නඩුවක තීන්දුව ලබාදෙමින් මහේස්ත්‍රාත්වරයා ඒ බව ප්‍රකාශ කළා.

නිම්තෙර මෑන් පවර් සර්විස් නමැති ආයතනයක අධ්‍යක්ෂවරයෙකු වූ ප්‍රදීප් කුමාර නමැති අයෙකු මෙම සිද්ධියේ වග උත්තරකරු වන අතර අදාළ බදු මුදල නොගෙවන්නේ නම් වගඋත්තරකරුට මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක් නියම කරන බවට ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නා.

වග උත්තරකාර අධ්‍යක්ෂවරයා වෙනුවෙන් නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා පෙනී සිටි අතර මාසිකව රුපියල් 300,000 බැගින් එම මුදල වසරක් තුළ ගෙවා අවසන් කිරීමට තම සේවාදායකයාට අවසර ලබා දෙන ලෙසට වග උත්තරකාර අධ්‍යක්ෂවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක
මහතා කළ කරුණු දැක්වීමක් සලකා බැලු මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා දුන් අතර වගඋත්තරකාර අධ්‍යක්ෂවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස ද නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08