බීමත්ව රිය පැදවූ සුපිරි පිතිකරු ඩේවිඩ් වෝනර් අත්අඩංගුවට

මත්පැන් පානය කර රිය පැදවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබෙනවා.

සිඩ්නි නුවර මාර්ගයකදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්පැන් පානය කර ඇති බව‍ට තහවුරු කර ගැනීම සඳහා වෝනර්ව පරික්ෂාවට ලක්කර ඇති අතර ඒ අනුව ඔහු ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කර ඇති බවට අනාවරණය වීමත් සමඟ ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව එම විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඩේවිඩ් වෝනර් මේ වන විට පැවැත්වෙන පකිස්ථාන ක්‍රිකට් ලීගයේ ක්‍රීඩා කරමින් සිටින අතරතුර ඕස්ට්‍රේලියාවට පැමිණ සිටින අතරතුර මෙම සිද්ධියට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්