ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පාර්ලිමේන්තුවේදී රැස්වුණා.

මින් පෙර පැවති සාකච්ඡාවල ප්‍රගතිය සහ උතුරු ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරු සහ පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරු මතු කළ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් නිදහස් කිරීමේදී මෙන්ම වසා දමා ඇති මාර්ග කොටස් විවෘත කිරීමේදී මතුව ඇති ගැටලු හා ඊට ලබා දිය හැකි සාධනීය විසඳුම් පිළිබඳව සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් පිළිබඳ මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා විමසා බැලුවා.

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මාර්ග සහ වාරිමාර්ග ප්‍රතිසංස්කරණය මෙන්ම ගොවි ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලිය සහ එහි ප්‍රගතිය පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

2025 වසරේ පමණක් උතුරේ පෞද්ගලික ඉඩම් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට රජය කටයුතු කර ඇති බවත් අනෙකුත් ඉඩම්ද ක්‍රමානුකූලව නිදහස් කිරීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පෙන්වා දුන්නා.

ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය ඉඩම් නිදහස් කරන අතරම කර්මාන්ත සහ ආර්ථික කටයුතු වෙනුවෙන් පවතින ඉඩම් කළමනාකරණය කර ගැනීම රජයේ අපේක්ෂාව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ සඳහා ගත හැකි ඉදිරි පියවර පිළිබඳ සොයා බලන ලෙසද උපදෙස් ලබා දෙනු ලැබුවා.

ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධනය සහ ආරක්ෂක අමාත්‍යාංශය සහ ඒ යටතේ පවතින ආයතනවල කටයුතු පිළිබඳවද මෙහිදී විමසා බැලුණු අතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත නියෝග සඳහා උපදේශක කාරක සභාවේ අනුමැතිය ලබා ගැනීමද සිදු වුණා.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර සහ පක්ෂ, විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27
Video thumbnail
ජානකී නාමල්ට රු මිලියන 70ක් දුන්නා ද..?
17:30
Video thumbnail
ඇස යොමන තැනක ගීතය අදින් පස්සේ මම ගායනා කරන්නේ නෑ - අජිත් මුතුකුමාරණ ලයිව් ඇවිත් හෙළිකළ දේ
07:06
Video thumbnail
ඔක්සිජන් කන්නද කිව්ව සමාජයක් තිබුණේ - වැවක් පේන්න බෑ දේශපාලකයෝ හෝටල් ගහනවා
04:47
Video thumbnail
මේ ආණ්ඩුව නාමල්ට හොඳටම බයවෙලා ඉන්නේ
01:37
Video thumbnail
ජනපති යද්දි තුවක්කු එකතු කළේ ගිනිපෙට්ටිවලින් බෝම්බ ග#නවා කිව්ව නිසාද ?
01:36
Video thumbnail
අර්චුනා හදිසියේම ලයිව් ඇවිත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
09:44
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..මෙන්න පැටිකිරිය එළියට
05:29