වාස් ගුණවර්ධනට එරෙහි නඩුවෙන් ශානි අබේසේකර නිදහස්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධ නඩුවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් නිදහස් කර තිබෙනවා.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයයි මෙම නියෝගය ලබාදුන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාශයේ විරෝධතා නොතකා, නීතිපති දෙපාර්තමේන්තුව සහ සැකකරුවන් වෙනුවෙන් නීතීඥවරුන් විසින් කරන ලද කරුණු දැක්වීම් අනුව ගම්පහ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් 4 දෙනා නිදහස් කිරීමට නියෝග කර තිබෙනවා.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත්‍රයා ඇතුළුව පොලිස් නිලධාරීන් සිව් දෙනෙකුට එරෙහි නඩුවේ ව්‍යාජ සාක්ෂි නිර්මාණය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරට චෝදනා එල්ල වී තිබෙනවා.

2013 වසරේ මැයි මාසයේදී කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන වරදකරු වී මරණ දඬුවම ද නියම වුණා.

ශානි අබේසේකර මහතා 2020 වසරේ ජූලි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනට අදාළ විමර්ශනවලදී ප්‍රහාරාත්මක ආයුධ පනත සහ පුපුරණ ද්‍රව්‍ය උපකරණ පනත යටතේ ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16