ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන; නිවස කොල්ලකයි

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද අළුයම පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන, නිවසෙහි තිබූ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පානදුර – බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාගේ බිරිඳ විසිනුයි මෙම පැමිණිල්ල පොලිසියට පැමිණ සිදුකර ඇත්තේ.

ඊයේ අළුයම 2ට පමණ තිදෙනෙකු පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් නිවස තුළට පැන, රන් අත්පළඳනා, මුදු ඇතුළු දේපොළ කොල්ලකා පලා ගොස් ඇති බවටයි සිදු කළ විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

පහර කෑ ව්‍යාපාරිකයා පානදුර රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර, ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46