spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ව්‍යාපාරිකයාට පිහියෙන් ඇන; නිවස කොල්ලකයි

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට අද අළුයම පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන, නිවසෙහි තිබූ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පානදුර – බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයාගේ බිරිඳ විසිනුයි මෙම පැමිණිල්ල පොලිසියට පැමිණ සිදුකර ඇත්තේ.

ඊයේ අළුයම 2ට පමණ තිදෙනෙකු පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් නිවස තුළට පැන, රන් අත්පළඳනා, මුදු ඇතුළු දේපොළ කොල්ලකා පලා ගොස් ඇති බවටයි සිදු කළ විමර්ශනවල දී හෙළි ව තිබෙනවා.

පහර කෑ ව්‍යාපාරිකයා පානදුර රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේ.

පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකර ඇති අතර, ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?