අවිස්සාවේල්ල අධිකරණයට ව්‍යාජ ගිනි අවියක් රැගෙන පැමිණි කාන්තාවක් අධිකරණයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණයට පැමිණි එම කාන්තාවගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී එහි තුළ තිබී මෙම ව්‍යාජ ගිනි අවිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
සැකකාර කාන්තාව ඊයේ (27) දිනයේ රථවාහන නඩුවක්ට පෙනී සිටීමට සඳහා අවිස්සාවේල්ල අධිකරණය වෙත මෙලෙස පැමිණි තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු කාන්තාව මිද්දෙණිය, නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරිණියක් බවයි පොලිසිය පැවසුවේ.
යම් අපරාධයකට පූර්ව සූදානමක් ලෙස මෙලෙස ව්‍යාජ ගිනි අවියක් රැගෙන මැය අධිකරණය වෙත පැමිණියේදැයි සැකය මත පොලිසිය මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.















