ඔස්ට්‍රේලියානු ජාතික සමාගම් අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුගේ අත්සන් ව්‍යාජ ලෙස සකස් කර ඇටෝනි බලපත්‍ර උපයෝගී කර ගනිමින් රුපියල් මිලියන 21ක් වෙනත් පාර්ශ්වයකට වංචනික ලෙස අලෙවි කිරීම හා ඒ සඳහා ආධාර අනුබලදීම යන්න චෝදනා හතර යටතේ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල හා සිඩ්නි ජයසිංහ යන විත්තිකරුවන්ව නිදොස් කර නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආචාර්ය නාමල් බණ්ඩාර බළල්ලේ මහතා අද (24) නියෝග කළා.
ඉකුත් 1996 සැප්තැම්බර් මස 26 වන දින 1997 සැප්තැම්බර් මස 25 අතර කාලය තුළ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකුගේ අත්සන ව්‍යාජ ලෙස යොදා සකස් කළ බව කියන ඇටොර්නි බලපත්‍රයක් මගින් මීට වසර 19කට පෙර ඔහුට අයත් සමාගමක කොටස් විකුණා රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම හා එම මුදල් සාවද්‍ය පරිහරණය කරන ලදැයි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල යන අයට එරෙහිව චෝදනා හතරක් යටතේ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.