වවුනියාව දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 41ක්

ගත වූ වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා.

සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනක දී මේ බව අනාවරණය වී තිබෙනවා.

පසුගිය වසරේ මහ කන්නය සහ යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ රෝගයට ගොදුරුව ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මී උණ රෝගය වෙනුවෙන් ලබාගන්නා ප්‍රතිජිවක ඹෟෂධ ලබාගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකි සිටීමට හැකි බව ද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය සඳහන් කළා.

යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරී ගිය ආකාරය මී උණ පැතිරයාම වළක්වා ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති අතර, ගොවි ජනතාව දැනුවත් කිරීම සිදුකිරීමට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙම වසරේ මුල්දින හතර තුළ මී උණ මරණ දෙකක් වාර්තා වී ඇති බව වාර්තා වනවා.

ඒ, යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?