වවුනියාව දිස්ත්‍රික්කයෙන් මී උණ රෝගීන් 41ක්

ගත වූ වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා.

සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනක දී මේ බව අනාවරණය වී තිබෙනවා.

පසුගිය වසරේ මහ කන්නය සහ යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ රෝගයට ගොදුරුව ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය වැඩිදුරටත් පවසනවා.

මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මී උණ රෝගය වෙනුවෙන් ලබාගන්නා ප්‍රතිජිවක ඹෟෂධ ලබාගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකි සිටීමට හැකි බව ද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය සඳහන් කළා.

යාපනය දිස්ත්‍රික්කය තුළ පැතිරී ගිය ආකාරය මී උණ පැතිරයාම වළක්වා ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති අතර, ගොවි ජනතාව දැනුවත් කිරීම සිදුකිරීමට සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පියවර ගෙන තිබෙනවා.

මේ අතර මෙම වසරේ මුල්දින හතර තුළ මී උණ මරණ දෙකක් වාර්තා වී ඇති බව වාර්තා වනවා.

ඒ, යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57