Empty Ad
AFC Banner
Empty Ad

වරකාපොළ ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – සැකකරු අල්ලාගැනීමට විමර්ශන

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේ දී ඊයේ (08) රාත්‍රියේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ ඇත්නාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක තැනැත්තෙක් බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට ඇති අතර අසල්වැසි පුද්ගලයෙකු සමඟ එහිදී සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?