වරකාපොළ ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් – සැකකරු අල්ලාගැනීමට විමර්ශන

වරකාපොළ පොලිස් වසමේ ඇත්නාවල ප්‍රදේශයේ දී ඊයේ (08) රාත්‍රියේ පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ මෙලෙස ඝාතනය ලක්ව ඇත්තේ ඇත්නාවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 61ක තැනැත්තෙක් බවයි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා තම සහෝදරයාගේ නිවසේ පැවති දානමය පිංකමකට සහභාගී වී නිවස බලා ගමන් කරමින් සිට ඇති අතර අසල්වැසි පුද්ගලයෙකු සමඟ එහිදී සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එම පුද්ගලයා විසින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට වරකාපොළ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීට වැඩිය හොඳයි රනිල් ගිහින් නාමල්ගේ වේදිකාවට නැග්ගනම් - UNP නායකයා පෙනී සිටීම ගැන ලැජ්ජයි
09:29
Video thumbnail
නිමල් පෙරේරා කියන්නේ මේ ගණුදෙනුවේ ඉත්තෙක් - කළු සල්ලි සුදු කරපු එක්කෙනෙක් විතරයි
07:26
Video thumbnail
නාමල්ව තව සතියකින් එළියට දානවා - මන් කැට තියලා කියනවා
09:52
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08